බුද්ධි අංශ ස්වාධීන කළ යුතුයි
බුද්ධි අංශ ස්වාධීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශ වල මෙන්ම දේශපාලන අංශ වල බරපතල අඩුවක් සිදුව ඇති බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, මඩකලපුව නගර ශාලාවේ පැවති ජාතික මග මඩකලපු සමුළුවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකා රජයට, දේශපාලන පක්ෂවලට, ආගමික නායකයින්ට මෙන්ම විශේෂයෙන්ම මුස්ලිම් සමාජයට වගකීමක් තිබෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි තත්වයන් වලක්වා ගන්න. විශේෂයෙන්ම අපේ බුද්ධි අංශ, ආරක්ෂක අංශ මෙන්ම ආරක්ෂක අංශ මෙහෙයවන ආණ්ඩුවට මේ ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා. ආරක්ෂක අංශවල මෙන්ම දේශපාලන අංශවල බලගතු අඩුපාඩුවක් සිදු වී තිබෙන බව අපි පිළිගත යුතුයි.
අපි මේ රට අපේ මව්බිම කියලා හිතනවා නම් අපි සියලූ දෙනාම ශ්‍රී ලංකාවේ පොදු නීතියට යටත් විය යුතුයි. මම ස්තූතිවන්ත වෙනවා අපේ සියලූම දේශපාලන, ආගමික නායකයින්ට අද පොදු විවාහ නීතියක් යනවා. පොදුවේ වෛරී කතා පැතිරවීම පිළිබඳව වගේම පොදුවේ අපරාධ නීතිය යටතට පුද්ගලයින් ගැනීම පිළිබඳව අද ලොකු එක`ගතාවයක් පාර්ලිමේන්තුවෙත් අපේ සමාජයේත් ඇති වී තිබෙනවා.
ඒ වගේම අපේ බුද්ධි අංශ දේශපාලන ඉලක්කවලින්, බලපෑම්වලින් මුදවා ගත යුතුයි. කොටි සංවිධානය සමග යුධ කරන කාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ සිටියා වගේ දෙගුණයක බුද්ධි අංශයක් යුද්ධෙන් පසුව ඇති වුණා. ඇතැම් බුද්ධි අංශවලට, ඇතැම් අන්තවාදී සංවිධානවලට 2012-13 කාලයේදී මුදල් ආධාර වාහන සහ අනෙකුත් දේවල් හැම ආකාරයකම ලැබුණු බව දැන් ඔප්පු වී තිබෙනවා.
කාදිනල් වහන්සේ ඉල්ලා තිබුණා කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී විශේෂ කොමිසමක් පත්කරන්න කියලා. දැන් එවැනි කොමිසම් දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිතුමා පත් කළ එක. අනෙක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. වහාම එම වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා අපි ඉල්ලා සිටියයුතුයි. ඒ වගේම 2012,13,14 කාලවල සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට ආරක්ෂක අංශවලින් ආධාර උපකාර ලැබුණද, කොයි විදිහට ද ඒවා ලැබුණේ කියලා විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
ත්රස්තවාදයට සම්බන්ධ බොහෝ දෙනෙක් විනාශ වී හෝ අත්අඩංගුවට පත්ව තිබුණත් ප්‍රශ්න අනාගතයේ මතු නොවෙන්න නම් රටේ බුද්ධි අංශ ජාති - ආගම්, කුල බේදයෙන් තොරව රාජ්‍ය ආරක්ෂාව සඳහාම කැපවූ ස්වාධින ආයතනයක් බවට පත් විය යුතුයි.”

popular news
-
මුණසිංහ Saturday, 14 September 2019 07:23 AM
මෙයාල පහුගිය කාලයේ බුදිය ගෙනද හිටියේ. ඡන්ද යක් තිබෙන බව මතක් වෙලා අැහැ අැරිල
Reply : 0 0
Kumar Saturday, 14 September 2019 07:52 PM
ස්වාධින බුද්ධි අංශ ඕනෑ කියන එක බොරු කතාවක්. ඒ කියන්නේ ඒ ආයතනවල නායකයින්ට හිතුමතෙ අත් අඩංගුවට ගැනීම් වගේ දේවල් කරන එකද. ලංකාවේ ඒ වැනි ආයතන පවතවාගෙන යන්න නීති ගරුක නිලධරීන් ඉන්නවද. මම දන්නා නෝනලා දෙන්නෙක් නම් ලංකාවේ ඉන්නවා. නීති පති වුනත් නීති ගරුක වගක් පෙන්නෙනෙ නැහැ. එසේ නැතිනම් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ද නොවූ උසස් රජයේ සේවකයින් දෙදෙනෙකුට ත්‍රස්ත වාදීන් හැටිය නඩු පවරනවාද. මිනි මරණ බුද්ධි අංශ ලංකාවට අවශ්‍ය නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

